I am what I am; I will be what I will be.

Saturday, November 10, 2012

දිවාලි
















දැල්වුනි දසත
සහසක් විදුලි එලි,
අපරිමිත පහන් දැල්
එකලූ කරමින්
රෑ යාමය
දුරු කරමින් ඝනඳුර
මහමෙරෙන් ඔබ්බට,
සමකරමින් රැය
හිරු බැස නොගිය දහවලට.

සලකුණු කළත් දිවාලිය
ප‍්‍රදීපයේ සංක‍්‍රාන්තිය
මුවාකරමින් මෝහාන්ධකාරය,
ධර්මයේ දික්විජය
පරදවමින් අධර්මය,
සිතුනි නෙකවර
නොදැල්වුනේ ඇයිදැයි
පහන් ටැඹ හදවතේ
පැතුවත් මෙත් සිසිල
මතකයේ
රැඳි සසර පුරා.

වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 10 නොවැම්බර් 2012